The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

History

එදා සිට අද දක්වා අපගේ ගමන්මග

ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය පිළිබඳව ලියන කියන කෙනෙකුට කීමට හා ලිවීමට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය බවත් එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය ලියන කියන කෙනෙකුට ලියන්න කියන්න ඇත්තේ ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය බවත් බොහෝ දේශපාලන විචාරකයින්ගේ පොදු මතයයි.

1946 සැප්තැම්බර් මාසයේ 6 වනදා ආරම්භ වන එක්සත් ජාතික පක්ෂය ලාංකීය දේශපාලන කුස තුළ පිළිසිඳ ගන්නේ ඊට දශක කිහිපයකට පෙරයි. ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කරගැනීමේ සටන වෙනුවෙන් මෙරට නායකයින් 1912 දී ආරම්භ කල අමද්‍යප ව්‍යාපාරය සමගයි.

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාද අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, එෆ්.ආර් සේනානායක, ඩී.එස් සේනානායක, සර් ඩී.බී ජයතිලක ආදී ලාංකීය ජන නායකයින් අමද්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කලහ. රටපුරා සුදු ජාතීන් විසින් මෙරට ජනතාවට පුරුදු පුහුණු කල මත්පානයේ විපාක ජනතාව දැනුවත් කල මෙම නායකයින් නිවහල් නිදහස් ජාතියක වටිනාකමද එහිදී ජනතාවට පෙන්වාදුන්හ. ඉන්පසු අමද්‍යප ව්‍යාපාරයේ නායකයින් රැසක් සුදු අධිරාජ්‍යවාදීන්ගේ රජය විසින් සිරභාරයට ගැනීමත් සමගම ඔවුන්ට විරුද්ධව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් කරගැනීමේ සටන ඇරඹීම සඳහා ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය මෙම නායකයින්ට ඇතිවිය.

ඒ අනුව 1918 වසරේදී ලංකා ජාතික සංගමය ලෙස බිහිවන නව ජාතික ව්‍යාපාරයට සියළු ජාතීන් නියෝජනය කරමින් උගත් ලාංකිකයින් රැසක් එක්විය. හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ පියාවන ඊ.ඩබ් ජයවර්ධන මහතා විසින් ලංකා ජාතික සංගමය ඇරඹීමට මූලිකත්වය ලබාදෙන අතර ඊට සර් පොන්නම්බලම් රාමනාදන්, සර් මොහොමඩ් මාකන් මාකර්, සර් ජේම්ස් පීරිස්, ඊ.ඩබ් පෙරේරා වැනි නායකයින් රැසක්ද තම දායකත්වය ලබාදුන්හ.

නිදහස ඉල්ලා මෙම ව්‍යාපාරය විසින් ගෙනගිය සටන හේතුවෙන් ඩොනමෝර් කොමිෂන් සභාවේ නිර්දේශ මත 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමෙන් පසු ලංකා ජාතික සංගමයේ ගමන්මගට බාධාද එල්ලවිය. ඒ ලංකා ජාතික සංගමයට අමතරව සමසමාජ පක්ෂය, සූරියමල් ව්‍යාපාරය වැනි තවත් දේශපාලන සංවිධාන බිහිවීම තුළිනි.

කෙසේ වුවත් ඒ වන විට ලංකා ජාතික සංගමය නියෝජනය කල තරුණ නායකයින් රැසකට නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය දැනුනු අතර ඊට ඩී.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර් ජයවර්ධන, ඇල්බට් එෆ් පීරිස් යන නායකයින් නව ජීවයක්ද ලබාදුන්හ.

ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස 1946 සැප්තැම්බර් 6 වන දින කොළඹ ගිල්ෆ්‍රඩ් ක්‍රෙසන්ට්හි පාම්කෝට් මන්දිරයේදී පැවති පළමු රැස්වීමේදී රාජ්‍ය සභා මන්ත්‍රී එස්.නඩේෂන් මැතිතුමා විසින් කරන ලද යෝජනාවක් රාජ්‍ය සභා මන්ත්‍රී ටී.බී ජයා මැතිතුමා විසින් ස්ථිර කරනු ලදුව එක්සත් ජාතික පක්ෂය යන නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹ්නි. ඊට සිංහල මහා සභාව, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් පෙරමුණ, යෝනක, මැලේ, බර්ගර් හා යුරෝපීය ජාතීන් නියෝජනය කරන සංගම්ද එක්වීම තුළ එම නව දේශපාලන පක්ෂය සමාජය තුළ පුළුල්ව විහිද ගියේය.

ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන ගමන්මග අරඹමින් ලංකා පාර්ලිමේන්තුවෙන් වෙනුවෙන් 1947 දී පැවති පළමු මැතිවරණයේදී වැඩි මහජන මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගනිමින් ආණ්ඩු බලය දිනාගැනීමට සමත්විය. සෝල්බරි කොමිෂන් සභාවේ නිර්දේශ මත ස්වාධීන රාජ්‍යක් බිහිකිරීමට සමත්වූ මෙම රජය 1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාදීමට උරදී කටයුතු කළේය.

නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැතිවරයා ලෙස මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් ඒ අනුව ලක් ඉතිහාසයට එක්විය. ඉන් අනතුරුව පක්ෂය විසින් රටට දැයට අතිමහත් වැඩකොටසක් ඉටුකරමින් ඉදිරියට ගමන්කරන අතර 1952 වසරේ මාර්තු මස 22 වන දින ගාලූ මුවදොර පිටියේදී අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මැතිතුමන් බිම ඇදවැටීමත් සමග එම ගමන්මගට පළමු බාධාව එල්ලවිය. එම අනතුරින් එතුමා අභාවප්‍රාප්තවීමත් සමගම පක්ෂයේ නායකත්වය සඳහා ඩඩ්ලි සේනානායක මහතා මෙන්ම සර් ජෝන් කොතලාවල මහත්වරුන් අතර උණුසුම් සටනක් ඇතිවූ අතර අවසානයේ ඩඩ්ලි සේනානායක මහතා පක්ෂ නායකත්වයට හා අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙමින් එය නිමාවිය.

සිංහල මහා සභාව සමග එක්සත් ජාතික පක්ෂයට එක්වන එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා පක්ෂය සමග ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් 1952 දී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වගොස් ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමත් සමගම එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව ගිය පළමු පිරිස ලෙස ඔවුන් ඉතිහාසයට එක්විය.

කෙසේ වුවත් 1953 වසරේදී වාමාංෂික නායකයින් විසින් නායකත්වය දෙන ලද හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් පක්ෂ නායක ඩඩ්ලි සේනානායක මැතිතුමා පක්ෂ නායකත්වයෙන් හා අග්‍රාමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්විය. ඒත් සමගම පක්ෂ නායකත්වයට පත්වන සර් ජෝන් කොතලාවල මහතා අග්‍රාමාත්‍ය ධූරය හොබවමින් 1956 දක්වා රජය පවත්වාගෙන යාමට සමත්විය.

සියළු ජාතීන්ගේ සහභාගීත්වයෙන් එක්සත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය ආරම්භවුවද ඉන් බිඳීගිය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා සිංහල පමණක් යන මතයෙහි පිහිටා කටයුතු කිරීම හේතුවෙන් එතෙක් ගොඩනගාගෙන ආ ලාංකීය ජාතීයේ විශාල ඉරිතැලීමක් ඇතිවිය. කෙසේ වුවත් 1956 දී පැවති මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට පත්වන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ එම මතය බහුුතර සිංහල ජතාවගේ හැඟීම්වලට ආශ්වාදජනක මාතෘකාවක් වූ නිසාවෙනි.

කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමේ අරමුණින් එවක පක්ෂය තුළ සිටි සියළු බලමුළු එක්තැන්කොටගෙන 1958 දී මහනුවර බලා දැවැන්ත පාගමනක් ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් ගමන් ඇරඹුවද ඉඹුල්ගොඩදී ඊට එල්ලවන රාජ්‍ය මර්ධනය හරහා එය නවතා දැමීමට සිදුවිය.

1960 වසරේ සිට 1965 වසර දක්වා මෙරට දේශපාලනයේ විවිධ සිදුවීම් රැසක් සිදුවූ අතර යළිත් 1965 දී ආණ්ඩු බලය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය. ඩඩ්ලි සේනානායක අගමැතිතුමන් යටතේ 1970 වසර දක්වා පාලන බලය හොබවන එම රජය නිදහස් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට වැඩදායී පියවරයන් රැසක් ආරම්භ කිරීමටද මූලිකත්වය ගත්තේය.

නමුත් 1970 වසරේ පැවති මහා මැතිවරණයේදී යළිත් වතාවක් එක්සත් ජාතික පක්ෂය නමැති තනි දේශපාලන පක්ෂය පරාජය කරමින් සන්ධාන සමගි පෙරමුණ නව රජයක් පිහිටුවන අතර එහිදී එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුව තුළ හිමිවූ මන්ත්‍රී ධූර සංඛ්‍යාවද අඩුවිය. එහි විපක්ෂනායක ධූරය හොබවමින් පක්ෂයට නායකත්වය ලබාදෙන ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් 1973 දී පක්ෂ නායකත්වයට පත්වන්නේ ඩඩ්ලි සේනානායක මැතිතුමන්ගේ අභාවයත් සමගයි.

විශේෂයෙන්ම 1971 අප්‍රේල් මාසයේ ඇතිවන ජනතා විමුක්ති පෙරමුණේ තරුණ කැරැල්ලේදී වගකිව යුතු විපක්ෂයක් ලෙස රජයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂය 70 – 77 සමගි පෙරමුණු ආණ්ඩුවෙන් සිදුකල ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පාරට බැසීමටද අමතක නොකළේය. ජනතාව වහළුන් සේ සලකමින් තමන් ලබාගන්නා ආහාර වේල, අඳින පළඳින ඇඳුම්වලට පවා සීමා පනවමින් පෝලිම් යුගයක් ගෙනගිය සමගි පෙරමුණු ආණ්ඩුවට එරෙහිව ජේ.ආර් ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ දැවැන්ත දේශපාලන ප්‍රහාරයන් දියත්කරමින් පක්ෂය යළිත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වන්නේ 1977 වසරේදීය.

1977 වසරේ පැවති මහා මැතිවරණයේදී 5/6 ක බලයක් ලබා විශිෂ්ඨ ජයක් හිමිකරගන්නා එක්සත් ජාතික පක්ෂය නිදහස් ශ්‍රී ලංකාව නවීන ලෝකයට අවශ්‍ය ආකාරයෙන් හැඩගැස්වීමට නව ව්‍යවස්ථාවක් හා ආර්ථික ක්‍රමවේදයක්ද රටට දායාද කරනු ලැබීය. ඒ අනුව නව ව්‍යවස්ථාව මගින් රටේ නායකයා ලෙස විධායක ජනාධිපතිවරයෙකු නම්කොට තිබූ අතර ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙසට ඉතිහාස පොත් අතරට එක්විය. මේ වන විට එක්සත් ජාතික පක්ෂයද දැවැන්තම දේශපාලන ව්‍යාපාරය ලෙස සවිමත් වන අතර නමුත් 1988 89 යුගයේ යළිත් ජනතා විමුක්ති පෙරමුණ විසින් භීෂණකාරී යුගයක් නිර්මාණය කිරීමත් සමගම ඉන් වැඩියෙන්ම බැටකෑ දේශපාලන ව්‍යාපාරයද ලෙසද එක්සත් ජාතික පක්ෂය පත්විය.

එවැනි බාධා මධ්‍යයේ 1989 ජනාධිපතිවරණයට හා මහා මැතිවරණයට මුහුණදෙන එක්සත් ජාතික පක්ෂය ඉන් ජයග්‍රහණය කරන්නේ පක්ෂය තුළ ඇති සංවිධානාත්මක ශක්තිය මොනවට පිළිබිඹු කරමිනි. ඒ අනුව මෙරට පමණක් නොව ලොවම පිළිගන්නා දේශපාලන නායකයකුවූ ජේ.ආර් ජයවර්ධන මැතිතුමන් සිය දේශපාලන දිවියෙන් සමුගැනීමත් සමගම 1989 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ජයගන්නා රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යතුමා මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීම සිදුවිය. එක්සත් ජාතික පක්ෂය තුළ ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට ඉදිරියට යාහැකි බවට පෙන්නුම් කරමින් පක්ෂ නායකත්වය කරා ගමන් කරමින් රටේ නායකත්වයට පත්වන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රට තුළත් පක්ෂය තුළත් වෙනස්කම් ගණනාවක් සිදුකළේය.

කෙසේ වුවත් මීට පෙර පක්ෂය තුළ ඇතිවූ මතගැටුම්වලට එහා යමින් අභ්‍යන්තර ගැටුම් ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවට ගෙන එන දේශපාලන බලලෝභී සටන ඇරඹෙන්නේ එම යුගයේදී වීම විශේෂත්වයකි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව පක්ෂයේම නායකයින් දෙපළක් වූ ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක විසින් දියත් කරනු ලබන දෝෂාභියෝග ව්‍යාපාරය හරහා එතෙක් මෙතෙක් එක්සත් ජාතික පක්ෂයේ සිදුවූ විශාලම ඉරිතැලීම සටහන්විය.

ලක්ෂ 10 ක පමණ සාමාජික පිරිසක් සමග ලලිත් ගාමිණී නායක දෙපළ පක්ෂයෙන් ඉවත්ව වෙනමම දේශපාලන ව්‍යාපාරයක් අරඹන අතර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා තනි නොකරමින් ඩී.බී විජේතුංග, රනිල් වික්‍රමසිංහ වැනි නායකයින් පක්ෂය ආරක්ෂා කරගන්නේ මෙරට සමාජයේ පැවැත්ම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය මැනැවින් වටහාගත් නිසාවෙනි. කෙසේ වුවත් එක්සත් ජාතික පක්ෂයට අත්ව තිබූ එම අපලය නිමා නොවූ නිසාවෙන්මදෝ 1993 මැයි මස 1 වන දින ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බයකට හසුව මියයන්නේ රටට ජනතාවට මෙන්ම පක්ෂයටද පිරිමැසිය නොහැකි පාඩුවක් හිමිකරලමිනි.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ වියෝවත් සමගම අග්‍රාමාත්‍ය ඩී.බී විජේතුංග මහතා පක්ෂ නායකත්වයට පත්වන අතර ඔහු යටතේ කැඩීවෙන්වී ගිය පක්ෂය යළිත් එකමුතු කරමින් ගාමිණී දිසානායක හා එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමන්ගේ පුතණුවන්වූ අනුර බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කරගැනීමද සිදුවිය.

නමුත් 1994 වසරේදී පැවති මහාමැතිවරණයෙන් දැවැන්ත පසුබෑමකට ලක්ව තිබූ පක්ෂය සන්ධාන ගත පොදුජන එක්සත් පෙරමුණ හමුවේ පරාජය වන්නේ එක් මන්ත්‍රී අසුනකින් වීමද විශේෂත්වයකි. ඉන් අනතුරුව පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස විපක්ෂනායක ගාමිණී දිසානායක මහතා තරඟවදින නමුත් ඡන්ද සටනේ අවසන් දින කිහිපයේදී ඔහු ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් එල්.ටී.ටී.ඊ යේ කුරිරු බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

මෙවැනි කඩාවැටීම් රැසක් හමුවේ අපේක්ෂා භංගත්වයට පත්ව සිටි පාක්ෂිකයින්ට නවමු බලාපොරොත්තුවක් උරුම කරදෙමින් රනිල් වික්‍රමසිංහ මැතිතුමන් පක්ෂ නායකත්වයට හා විපක්ෂ නායකධූරයට පත්වන අතර ඔහු 1995 වසරේ සිට යළිත් එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ප්‍රතිසංවිධානවලට ලක්කරමින් රටේ දැවැන්තම තනි දේශපාලන බලවේගය බවට පත්කරලීමට සමත්විය.

මේ අතර 1999 වසරේදී පැවැත්වෙන ජනාධිපතිවරණ සටනට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ඉදිරිපත්වන අතර එහිදී ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට ප්‍රබල සටනක් ලබාදෙමින් ජයග්‍රහණයේ එළිපත්ත අසලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ජනාධිපතිවරිය වෙත එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එම ජයග්‍රහණය ආපසු හැරවී යන්නේ රටේ අහේතුවටම බව අමුතුවෙන් කිවයුතු නැත.

කෙසේ නමුත් පාක්ෂිකයා ඉච්ඡා භංගත්වයට පත්වීමට ඉඩනොදී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමේ සටන මහනුවරින් අරඹා ජනබල මෙහෙයුම ලෙස පාගමනින් කොළඹට එන්නේ පක්ෂයට නව ජීවයක් ලබාදෙමිනි. එම ජනබල මෙහෙයුම දෙවන රැළියේදී කොළඹ නගරයට රටේ සිව්දෙසින් ලක්ෂ 10 කට වඩා වැඩි ජනතාවක් රැස්කරන අවස්ථාවේ ඊට එල්ලවන ආණ්ඩුවේ මර්ධනකාරී ප්‍රහාරයන්ට ලක්වී තරුණ පාක්ෂිකයින් දෙදෙනෙකු දිවිපුදන්නේ පක්ෂයත් රටත් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක වුවමනාම ලොවට කියාපාමිනි. සන්ධාන රජය කෙරෙහි කලකිරී සිටි ප්‍රබල දේශපාලන නායකයින් රැසක්ද සිය ආණ්ඩු විරෝධී බලවේගය සමග එක්කරගැනීමට සමත්වූ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2001 වසරේ පැවති මහාමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන්නේ රටේ සියළුදෙනාගේ බලාපොරොත්තු මල්පල ගන්වමිනි.

රටට සාමය උදාකිරීම හා ජනතාවට සුභ දිවියක් උදාකිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ රජය විසින් දැවැන්ත ව්‍යාපෘතීන් රැසක් අරඹා තිබියදී ජනතා විමුක්ති පෙරමුණ හා සන්ධානයේ ඇතැම් නායකයින්ගේ මෙන්ම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ නායකයින්ගේ අදූරදර්ශී බසට වශීවන ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය එක්සත් ජාතික පක්ෂ රජය විසුරුවා හරින්නේ දේශපාලන සම්ප්‍රදායන්ද කෙළෙසමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග තරඟවැදී යළිත් විපක්ෂයට පත්වන එක්සත් ජාතික පක්ෂය මීළඟට සූදානම් වූයේ 2005 වසරේ පැවති ජනාධිපතිවරණ සටන සඳහායි. ඊට රනිල් වික්‍රමසිංහ මැතිතුමන් හා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් තරඟ වැදුණු අතර ඡන්ද සටනේ මුලසිටම ජයග්‍රාහකයා ලෙස ඉදිරියෙන්ම පසුවූයේ විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. නමුත් එතුමන් බලයට පත්වුවහොත් තමන්ට අත්වන පරාජය හා තමන්ගේ කොන්දේසිවලට එකඟ නොවන පුද්ගලයෙකු බවට එල්.ටී.ටී.ය ඔහු හඳුනාගෙන සිටි බැවින් දෙමළ ජනතාවගේ ඡන්දය වාරණයට ලක්කරමින් යළිත් වතාවක් සියළු ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරොත්තු බොඳ කරළිය.

2005 වසරේ සිට විවිධ හැලහැප්පීම් මධ්‍යයේ ඉදිරියට ඇදෙමින් පවතින එක්සත් ජාතික පක්ෂය මේ වන විට මෙරට දැවැන්තම දේශපාලන ව්‍යාපාරය බවට තවතවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යමින් සිටී. ඒ පක්ෂය තුළ සිටින බලලෝභී පුද්ගලයින් විවිධ අවස්ථාවන්වලදී විවිධ කුමන්ත්‍රණ සිදුකලද ඒ කිසිදේකටත් නොසැලෙන පක්ෂය තම ජීවිතයේ පළමුතැනලා සැලකූ නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ නායකතුමා එක්සත් ජාතික පක්ෂයට සිටින හෙයිනි.

Our journey

Several political analysts are of the view that any person writing about the political history of Sri Lanka would have to write about the history of the UNP and vice versa.

The United National Party was launched on the 6th of September 1946 but its roots date back to 1912 where the Non-alcoholic Movement was launched to carry out the fight against British Imperialists to liberate the country.

Venerable Hikkaduwe Sri Sumangala Thero, Venerable Migettuwaththe Gunananda Thero, Anagarika Dharmapala, Walisingha Harischandra, F.R. Senanayaka, D.S. Senanayake and Sir D.B. Jayathilaka were the founders of the Non-alcoholic movement. At a time the locals were driven towards the consumption of alcohol following influence from Imperialists, these leaders took the initiative to enlighten the people about the consequences of the use of alcohol and also reiterated the value of an independent country. However once several leaders of this movement were arrested by the British, a need of a national movement to fight against them to free the country was felt more by the leaders of the movement.

Accordingly in 1918 the Lanka Jathika Sangamaya was instated and intellectuals from all races joined the movement. The movement was launched under the patronage of father of Former President J.R. Jayawardana, Late E.W. Jayawardana and Sir Ponnambalam Ramanathan, Sir Mohommad Markan Markar, Sir James Peiris and E.W Perera were also a part of it.

Due to the struggles carried out by this movement, the State Administrative Council was established in 1931 according to recommendations made by the Donomor Commission, but it had a negative influence on the Lanka Jathika Sangamaya. That is because of the emergence of other political movements like the Samasamaja Party and Sooriyamal Movement.

However, by then several young leaders of the Lanka Jathika Sangamaya felt the need for a new political movement and D.S. Senanayaka, Dudley Senanayaka, J.R. Jayawardana and Albert.F.Peiris gave it the necessary backing.

As a result of that on the 6th of September 1946a political movement by the name of United National Party commenced after State Council Member T.B. Jayah seconded a proposal made by State Council member S. Nadeshan, at a meeting that was held at the Farmcourt palace in Colombo. The Sinhala Maha Sabhawa, Tamil Union, Muslim Front and Associations representing European races as well joined this new political party, thus widening its base in the country.

Thereafter the United National Party commenced its political journey and obtained a majority of seats in the Parliament at the 1st General election that was held in 1947 and were elected as the government. This government was able to bring about Independence to this country on the 4th of February 1948.

D.S. Senanayaka joined the history books of Sri Lanka as the 1st Prime Minister of the country. Thereafter a massive service was rendered to the country but once Prime Minister D.S. Senanayaka collapsed at the Galle face ground on the 22nd of March 1952, the 1st disruption was caused to this journey. After his demise there was a heated battle between Dudley Senanayaka and Sir John Kothalawala for the post of Party leader, but eventually Dudley Senanayaka made it to the positions of Prime Minister and Party leader both.

S.W.R.D. Bandaranayaka who joined the UNP with the Sinhala Maha Sabhawa, left the party in the year 1952 due to a conflict with the party thus becoming the first group to breakaway from the party.

However, due to protests by Leftist leaders in the year 1953 Mr. Dudley Senanayaka resigned from the post of Prime Minister and Party leader and Sir John Kothalawala took over the reins and continued till 1956.

Although the United National Party was instated to create a United Sri Lanka, due to the pro Sinhala stance of S.W.R.D. Bandaranayaka who left the UNP, the Lankan nation suffered a set back. But with a majority agreeing with Mr. Bandaranayaka’s stance, the UNP suffered a huge loss in the General election that was held in 1956.

However, all forces of the party were brought together and a massive protest march was held from Colombo to Kandy under the leadership of J.R. Jayawardana with the motive of instating a UNP government, but it was disrupted near Imbulgoda due to state suppression.

Several incidents took place in the local political arena from 1960-65 but eventually the UNP came back in to power in 1965 and under the Premiership of Dudley Senanayaka several important steps were taken for the betterment of the country during their tenure which lasted until 1970.

But in the year 1970 the Unity Alliance (Samagi Peramuna) emerged victorious defeating the UNP which contested as a single political party. J.R. Jayawardana who held the Opposition Leaders position was appointed as the Leader of the party in the year 1973 after the demise of Dudley Senanayaka.

As a responsible opposition the UNP provided the necessary support to the government during the 1971 riots carried out by the JVP but didn’t forget to take to the streets against the wrongdoing of the Unity Alliance government. J.R. Jayawardana led the fight against the government which treated the people as slaves and eventually got back power in 1977.

The UNP gained a 5/6th majority in parliament in the election that was held in 1977 and then created a new constitution and economic policy to mould Sri Lanka as a country that is ready to conquer the world. J.R. Jayawardana became the 1st Executive President of Sri Lanka and the UNP strengthened as a political party. However, the UNP had to face certain difficulties due to JVP riots in 1988/89.

Amidst such difficulties the UNP managed to face the Presidential and General elections in 1989 strongly and Ranasinghe Premadasa was elected as the 2nd Executive President following the retirement of J.R. Jayawardana. This showed that a person from any class or level could make it to the top in the UNP and R. Premadasa introduced several changes to the party and country as well.

However, it was in this era that internal issues of the party were made public for the 1st time. The no-confidence motion brought forward by 2 leaders of the UNP it self – Lalith Athulathmudali and Gamini Dissanayaka was the first major division within the party.

Lalith and Gamini left the party along with another 1 million supporters but leaders like D.B. Wijethunga and Ranil Wickremesinghe did not leave President Premadasa because they understood the value of the UNP. However, the bad spell of the UNP did not end as President Ranasinghe Premadasa fell victim to a suicide bomber on the 1st of May 1993, bringing about a huge loss to the party and country.

Thereafter Prime Minister D.B. Wijethunga was appointed as the President and also as the party leader. During his tenure the party that was divided was once again brought together as Gamini Dissanayaka and son of S.W.R.D. Bandaranayaka, Anura Bandaranayaka joined the UNP.

The UNP lost the 1994 General election by just one seat, and then Opposition Leader Gamini Dissanayaka contested at the Presidential election but several top level leaders including him were killed by brutal terrorists.

Amidst such setbacks Ranil Wickremesinghe became the leader of the party and carried out party reorganizing work to make the party the single largest political movement.

Meanwhile Ranil Wickremesinghe gave a strong fight at the 1999 Presidential election against Chandrika Bandaranayaka Kumarathunga, but when victory was within grasps it went away after President Kumarathunga was attacked by a suicide bomber.

However, hopes of UNP supporters were revived with the Janabala Meheyuma protest that was held from Kandy to Colombo where around 1 million participated. However, 2 youth sacrificed their lives after being victims of a brutal crackdown by the government, but they signified the need for a UNP government as they laid down their lives for the party and for the country. Several top level leaders of the government also defected to the UNP and Ranil Wickremesinghe made the dreams of UNP supporters come true by winning the election in 2001.

However, President Kumarathunga who fell for the enticing wordplay of the JVP and Patriotic National Movement at a time where the UNP had laid the foundation for a prosperous future for the country and also to bring about peace, dissolved parliament violating political traditions as well.

Then in 2005 Ranil Wickremesinghe contested the Presidential election and was the clear winner from the beginning but at the last minute when the LTTE understood that they cannot make him dance according to his tune, they took measures to defeat him and once again the hopes of several Sri Lankans were shattered.

The UNP came forward amidst various challenges since 2005 and is the single largest Political party. No matter what sort of conspiracies are brought forward they will be unsuccessful as Ranil Wickremesinghe is a leader who would give first priority to the party itself.