The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකත් නෑ… විපක්‍ෂයේ මන්ත්‍රීවරුත් නෑ…

ප්‍රවෘත්තියක් පාඨක අදහස්
ඔක්‌කොම මාතර ගිහිල්ලා
– සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකත් නෑ… විපක්‍ෂයේ මන්ත්‍රීවරුත් නෑ. ඔක්‌කොම මාතර ගිහිල්ලා යෑයි සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (12 දා) පාර්ලිමේන්තුවේදී කීය.සභාගැබෙහි විපක්‍ෂ මන්ත්‍රී ආසන හිස්‌ව තිබීම නිසා ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා එසේ කියද්දී මුලසුනේ සිටි කාරක සභා නියෝජ්‍ය සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතා, එක්‌කෙනෙක්‌ ඉන්නවා යෑයි කීය.ඒ විපක්‍ෂයේ අසුන්ගෙන සිටි ඩිව් ගුණසේකර මහතා පෙන්වමිනි.මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ සිටි මංගල සමරවීර මහතා “ඔබතුමාත් මාතර මමත් මාතර. මාතර දෙන්නා මෙහේ. මෙහේ කට්‌ටිය මාතර යෑයි ඩිව් ගුණසේකර මහතාට සිනාසෙමින් කීවේය.වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කළ පසුව නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (12දා) පස්‌වරු 1.30 ට රැස්‌විණි.නිවේදන, වාර්තා, ලිපිලේඛන සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු උත්තර දුන්හ.

ඉන්පසු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා විවාදයට ගැනීම ඇරඹිණි. න්‍යාය පත්‍රයට අනුව පළමු යෝජනාවේ සිට පිළිවෙළින් යෝජනා 130 ක්‌ මාතර දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කර තිබිණි. ඊයේ එම යෝජනා අතුරින් පළමු, දෙවැනි සහ තෙවැනි යෝජනා විවාදයට ගැනීමට නියමිතව තිබිණි. එහෙත් බුද්ධික පතිරණ මහතා සභාවට පැමිණ සිටියේ නැත. මේ නිසා එම යෝජනා තුන විවාදයට නොගන්නා බවත් 132 අංකය යටතේ තිබූ ශ්‍රීSS ලංකා සාගර විශ්වවිද්‍යාල පනත යටතේ නියෝගය අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ද සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය. ඒ අනුව එම නියෝගය අනුමත විය. ඉන්පසු සභාව මෙම 23 දා පස්‌වරු 1.00 දක්‌වා කල් තැබිණි. සභාව කල් දමන අවස්‌ථාවේ විවාදය සඳහා යෝජනාව අස්‌ලම් මොහොමඩ් මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ එම යෝජනාව විවාද කෙරිණි. පස්‌වරු 3.15 ට පමණ සභාවේ කටයුතු නිමාවට පත්විය.

මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‍ෂයේ සිටි මංගල සමරවීර මහතා “ඔබතුමාත් මාතර මමත් මාතර. මාතර දෙන්නා මෙහේ. මෙහේ කට්‌ටිය මාතර යෑයි ඩිව් ගුණසේකර මහතාට සිනාසෙමින් කීවේය.