The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

නාමල්ගෙන් සී.අයි.ඩිය පැය තුනක්‌ ප්‍රශ්න කරයි

ප්‍රවෘත්තියක් පාඨක අදහස්
තම පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියකු ගිනි අවියක්‌ රැගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (ඩී. අයි. ඩී.) ඊයේ (12 වැනිදා) පැය 3 ක්‌ තිස්‌සේ ප්‍රශ්න කළේය.අඟුණකොලපැලැස්‌සේ පැවැති රැස්‌වීමකට ජනාධිපතිවරයා සහභාගී වූ අවස්‌ථාවේ නාමල් රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ආරක්‍ෂකයකු වන කමාන්ඩෝ සෙබළකු ගිනි අවියක්‌ද රැගෙන ජනාධිපතිවරයා ආසන්නයට ගොස්‌ සිටියේය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් එම සෙබළා ගිනි අවියද සමග අත්අඩංගුවට ගෙන ජනාධිපති ආරක්‍ෂක අංශය වෙත භාර දී තිබිණි.

ඒ අවස්‌ථාවේ ජනාධිපතිs ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් සැකකාර සෙබළා නිදහස්‌ කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ පසුව ආරම්භ කළ අතර සැකකාර කොමාන්ඩෝ සෙබළා අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ තම ආරක්‍ෂකයා සතුව තිබුණේ වතුර බෝතලයක්‌ පමණක්‌ බවයි.

කොමාන්ඩෝ සෙබළා මුදාහරිනු ලැබූ ජනාධිපති ආරක්‍ෂක අංශයේ සහකාර පොලිස්‌ අධිකාරිවරයා සහ සැරයන්වරයාද පසුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරනු ලැබූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස නාමල් රාජපක්‍ෂ මහතාට දැනුම් දීමක්‌ කර තිබිණි.

ඒ අනුව නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (12දා) පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

නාමල් රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ආරක්‍ෂකයකු වන කමාන්ඩෝ සෙබළකු ගිනි අවියක්‌ද රැගෙන ජනාධිපතිවරයා ආසන්නයට ගොස්‌ සිටියේය.පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් එම සෙබළා ගිනි අවියද සමග අත්අඩංගුවට ගෙන ජනාධිපති ආරක්‍ෂක අංශය වෙත භාර දී තිබිණි.