The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

ශ්‍රීලනිප ඡන්දවලින් පමණක්‌ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න බෑ

ප්‍රවෘත්තියක් පාඨක අදහස්
ඇමැති රාජිත සේනාරත්න

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට පක්‍ෂයේ ඡන්දවලින් පමණක්‌ ජයග්‍රහණය කර තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවිය නොහැකි බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

ජයග්‍රහණය කිරීමට නම් සුළු ජාතික ඡන්ද වගේම, තරුණ ඡන්ද, පාවෙන ඡන්ද, උගතුන් බුද්ධිමතුන්ගේ ඡන්දත් පක්‍ෂයට ලබාගත යුතු බව ඇමැතිවරයා කීය.

ඉදිරි මහ මැතිවරණයේ ජයග්‍රහණය කරවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ දිනවල ගනිමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් මහ මැතිවරණයට තරග කිරීමට මේ වනවිට ඉල්ලුම් කර ඇතැයිද නාමල් රාජපක්‍ෂ මහතා ද නාමයෝජනා ඉල්ලා ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට පක්‍ෂයේ ඡන්දවලින් පමණක්‌ ජයග්‍රහණය කර තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවිය නොහැකි බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.ජයග්‍රහණය කිරීමට නම් සුළු ජාතික ඡන්ද වගේම, තරුණ ඡන්ද, පාවෙන ඡන්ද, උගතුන් බුද්ධිමතුන්ගේ ඡන්දත් පක්‍ෂයට ලබාගත යුතු බව ඇමැතිවරයා කීය.