The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

නි. කථානායක හා මන්ත්‍රී රමේෂ් දොඹකරයේ හිරවෙති

ප්‍රවෘත්තියක් පාඨක අදහස්
නියෝජ්‍ය කථානායක චන්දිම විරක්‌කොඩි හා ගාල්ල දිස්‌ත්‍රික්‌ සන්ධානයේ මන්ත්‍රී දොස්‌තර රමේෂ් පතිරණ යන මහත්වරුන් දොඹකරයක ආධාරයෙන් ගොස්‌ යක්‌කලමුල්ල, කරාගොඩ පුර්වාරාම විහාරස්‌ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත පැළඳවීමෙන් පසු ඒ දොඹකරය කාර්මික දෝෂයකට ලක්‌වීම නිසා යළි බිමට බැසීමට නොහැකිව එම මන්ත්‍රීවරු දෙදෙනා අකරතැබ්බයකට ලක්‌වූහ.ඊයේ (12 දා) පෙරවරුවේ විහාරාධිපති හිමියන් හා නියෝජ්‍ය කථානායක චන්දිම විරක්‌කොඩි, ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රි රමේෂ් පතිරණ යන මහත්වරු ලංකා විදුලිබල මණ්‌ඩලයට අයත් යන්ත්‍රයක ආධාරයෙන් කොත් පැළඳවීමට අඩි හතළිහක්‌ පමණ උඩට ගොස්‌ ඇත. කොත් පැළඳවීමෙන් පසු මෙම යන්ත්‍රය එකවරම අක්‍රියවීම නිසා විහාරාධිපති හිමියන්ට, නියෝජ්‍ය කථානායකවරයාට හා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාට පැය එකහමාරකට ආසන්න කාලයක්‌ යන්ත්‍රය තුළ සිටීමට වී ඇත.පසුව යක්‌කලමුල්ල පොලිසියේ නිලධාරීහු හා උත්සවයට පැමිණි සිටි තරුණ පිරිස එක්‌වි මොවුන් බේරා ගැනීම සඳහා මෙහෙයුමක්‌ දියත් කළහ. ඉණිමගවල් හා කඹ යොදාගෙන පළමුව විහාරාධිපති හිමියන් බිමට බැස්‌සවීමට කටයුතු කරනු ලැබීය. ඉන්පසු නියෝජ්‍ය කථානායකවරයා යන්ත්‍රයෙන් බිමට බැස්‌සවීමට කටයුතු කරනු ලැබීය. නියෝජ්‍ය කථානායකවරයා යන්ත්‍රයෙන් බිමට බැස්‌සවීමත් සමග යන්ත්‍රය යළි ක්‍රියාත්මක විය. මේ නිසා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාට යළි යන්ත්‍රයෙන්ම බිමට ඒමට අවස්‌ථාව උදාවී තිබේ. ඊයේ (12 දා) පෙරවරුවේ විහාරාධිපති හිමියන් හා නියෝජ්‍ය කථානායක චන්දිම විරක්‌කොඩි, ගාල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රි රමේෂ් පතිරණ යන මහත්වරු ලංකා විදුලිබල මණ්‌ඩලයට අයත් යන්ත්‍රයක ආධාරයෙන් කොත් පැළඳවීමට අඩි හතළිහක්‌ පමණ උඩට ගොස්‌ ඇත. කොත් පැළඳවීමෙන් පසු මෙම යන්ත්‍රය එකවරම අක්‍රියවීම නිසා විහාරාධිපති හිමියන්ට, නියෝජ්‍ය කථානායකවරයාට හා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාට පැය එකහමාරකට ආසන්න කාලයක්‌ යන්ත්‍රය තුළ සිටීමට වී ඇත.