The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා විසින් නිකුත් කළ විශේෂ නිවේදනය

kabeermedia
Description

ඉදිරි මැතිවරණයේ හිමි වන නිසැක අන්ත පරාජය හමුවේ සන්ධානවාදීන් වියරු වැටී තිබෙන ආකාරය පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ තවත් ප්‍රබල සන්ධානවාදීන් දෙදෙනෙකු වන මහාචාර්ය නලීන් ද සිල්වා සහ ගායක මධුමාධව අරවින්ද විසින් කරන ලද ප්‍රකාශ තුළින් මනාව පැහැදිලි වේ.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටින්නේ අනවශ්‍ය නීති රීති දමා මැතිවරණ ක්‍රියාදාමය කොටු කර තිබෙන බවත්, පෙලපාලි, කටවුට් හා පෝස්ටර් නොමැතිව මැතිවරණය පැවැත්වීම වතුර නොමැතිව මාළුවෙකු ජීවත් කරවීමට ගන්නා උත්සාහයකට සමාන බවත් ය. මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කරන්නේ ලබන 17 දායින් පසු ජනාධිපතිතුමා තනතුරෙන් පන්නා හැරීමට කටයුතු කරන බව ය. ගායක මධුමාධව අරවින්ද ප්‍රකාශ කරන්නේ ලබන 17 දා අරලිය ගහ මන්දිරයේ ගේට්ටු කඩා දමා එයට ඇතුල් වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පලවා හරින බව ය.
ශිලාචාර ලෝකයේ මෙවැනි උන්මන්තක ප්‍රකාශ කරන දේශපාලකයින්ට හා ඔවුන්ගේ ආධාරකරුවන්ට නිසි පිළිතුරු දීමට ජනතාව පෙළ ගැසිය යුතුව ඇත.
මෙම ප්‍රකාශ තුන එකට ගත් විට පැහැදිලි වන කරුණ වන්නේ රටේ පවතින නීතියට, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රට පිලිගත් සදාචාරයට අනුව කටයුතු කිරීමට සන්ධානවාදීන්ට ඇති නොහැකියාව ය. පුරා අවුරුදු 10 ක් තිස්සේ ඔවුන් හුරුපුරුදු වී සිටි නීතියක් නොමැති අවිචාර හා අශීලාචාර පාලනයෙන් ගැළවී නීතිගරුක පුරවැසියන් ලෙස හැසිරීමට ඇති නොහැකියාව ඔවුන් කදිමට පිලිබිඹු කර තිබේ. ඔවුන් උත්සාහ ගන්නේ ඔවුන් කාලයක් තිස්සේ හුරුපුරුදු වී සිටින ප්‍රචන්ඩ දේශපාලනය, සුදු වෑන් සංස්කෘතිය සහ ජනවාරි 08 දින මෙරට ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අධම, කටුක, මූසල, කාලකණ්නි පවුල්වාදී දේශපාලන වාතාවරණය යළි මේ රට තුළ ස්ථාපිත කිරීම බව හො¼දින්ම පැහැදිලි වේ.
අගොස්තු 17 වන දා පැවැත්වෙන මැතිවරණයේ දී මේ රටේ ජනතාව නිවැරදිම තීන්දුව ගනිමින්, වත්මන් ශීලාචාර පාලනය ඉදිරියට ගෙන යන්නටත්, මෙම  අශීලාචාර, අවිනීත, මැර කණ්ඩායම ඉතිහාසයේ කුණු බක්කියට ඇද දමන්නටත් කටයුතු කරන බව අපට විශ්වාස ය.

Related Projects