The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

මහව, දිගන මහජන ක්‍රීඩාංගනයේ පැවැති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළිය

mahawa
Description

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීමක් අනුරාධපුරයේ පැවැත්වුණා. එම රැස්වීමට සහභාගී වූ ප්‍රමාණය පිළිබඳව සමහර මුද්‍රිත පුවත්පත් විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබෙනවා. එම ගණන් හිලව් පිළිබඳව මම තර්ක කිරීමට යන්නේ නැහැ.

 
ඊයේ පැවැති එම රැස්වීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය “රටට පණ දෙමු” නැමැති තමන්ගේ නව සටන් පාඨය ඉදිරිපත් කළා. රාජපක්‍ෂ රෙජීමය අවුරුදු දහයක් මේ රට පාලනය කළා. ඒ  වසර දහය පුරා රාජපක්‍ෂලා පණ දුන්නේ තම පවුලට පමණයි. එම කාලය තුළ ජනතාවට පණ නැති වුණා. කෑදරකමට තෙවැනි වතාවක් ඉල්ලා සිටි විට
ජනතාව මහින්ද රාජපක්‍ෂට එම අවස්ථාව ලබාදුන්නේ නැහැ. ජනතාව ඒ වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති ධූරයට පත්
කළා. ජනතාව ප්‍රතික්ෂේප කළ පසු දේශපාලනයෙන් සමුගන්නවා වෙනුවට මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට ගෙනැවිත් තිබෙනවා. කෙසේ නමුත් එක්සත් ජනතා නිදහස්
සන්ධානයේ සටන් පාඨය පිළිබඳව මා කියන්නේ කරුණාකර එය වෙනස් කර ගන්නා ලෙසයි. “රටට පණ දෙමු” සටන් පාඨය වෙනුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය තම
සටන් පාඨය කර ගත යුත්තේ “මහින්දට සේලයින් දෙමු” යන්නයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව නිවැරදිව කටයුතු කළොත් ඔහුට සේලයින් ලබාදීමත් නැවැත්විය හැකියි.
 
ඉදිරි යල කන්නයේ දී වී අස්වැන්න සඳහා කොපමණ මිලක් ලබා දෙනවාදැයි මා මෙහි පැමිණෙන අතරතුර ජනතාව මගෙන් විමසා සිටියා. ඉකුත් මහ කන්නයේ දී වී අස්වැන්න
සඳහා රුපියල් 50 ක මිලක් අප ලබා දුන් අතර ඉදිරි යල කන්නයේදී ද රුපියල් 50 ක එම මිලම ලබා දෙන බව මා කියා සිටිනවා. කිසිඳු හේතුවක් මත හෝ අප ඒ මිල අඩු කරන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිරවයාට වී ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් ලබා දීමට නොහැකි වුණත් අපේ ආණ්ඩුවට ඒ මිල ලබා දීමට හැකියාව තිබෙනවා.
 
ඉකුත් මහ කන්නයේ වී මිලදී ගැනීමේ දී යම් යම් අඩුපාඩු සිදු වී තිබෙන අතර එම අඩුපාඩු නිවැරදි කර ගන්නා ලෙස අප උපදෙස් ලබා දුන්නා. ඉකුත් මහ කන්නයේ දී ගොවීන් සමග සාකච්ඡා කර ලබා ගත් අදහස් අනුව, ඒ අඩුපාඩු මග හරවා ගෙන වී මිලදී ගැනීම සඳහා ඉදිරියේ දී අලූත් ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රමය ඊළඟ වසරේ සිට ක්‍රියාත්මක කරන්න අපට පුළුවන් වේවි.
 
ආදී වශයෙන් පැමිණ සිටි ජනතාව අමතමින් එතුමා අදහස් පළ කරන ලදී.

Related Projects