The Official Website of the United National Party of Sri Lanka, Australia Branch...

හෝමාගම විල්ප්‍රඩ් සේනානායක ක්‍රිඩාංගනයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළිය

homagama
Description

මේ රටේ ජනතාවගේ ජීවන බර අඩු කිරීමට, නිදහස තහවුරු කිරීමට, දූෂණය නැති කිරීමට, තරුණයන්ට හොඳ අනාගතයක් ලබා දීමට පසුගිය නොවැම්බර් මාසයේ දී අප සියලූ දෙනා එකට එක් වුණා. එක්සත් ජාතික පක්‍ෂයේ අපත්, පාඨලී චම්පික රණවක ඇමැතිතුමාත්, රාජිත සේනාරත්න ඇමැතිතුමාත්, රිෂාඩ් බදුර්දීන් මැතිතුමාත්, පී. දිගම්බරම් මැතිතුමාත්, චන්ඬිකා කුමාරතුංග මැතිණියත් ඇතුලූ සියලූ දෙනා එකට එකතු වී ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කළා. ඉන් පසුව ජනවාරි 08 වැනි දා ඔබ සියලූ දෙනා එකතු වී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජනාධිපති ධූරයට පත්වීමට වරමක් ලබා දුන්නා. ඒ අනුව ඔබ සියලූ දෙනා දෙවරක් ජනාධිපති ධූරය දැරීම ප්‍රමාණවත් බව කියමින් මහින්ද රාජපක්‍ෂ පරාජයට පත් කළා.

ඉන් පසුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, මමත්, අපේ කැබිනට් මණ්ඩලයත් මේ රටේ යහපාලනයක් ඇති කළා. දින 100 වැඩසටහනක් ඇති කළ අතර අඩු කළ නොහැකි යැයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරයා කියූ තෙල් මිල අඩු කළා. වැඩි කළ නොහැකි යැයි කියූ රාජ්‍ය සේවක වැටුප ද වැඩි කරමින් රුපියල් 10,000 ක දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව සැප්තැම්බර් මාසයේ සිට මූලික වැටුපට එකතු කරනවා.
හමුදා සේවයේ සාමාජිකයන් ද තම විශ්‍රාම වැටුප පිළිබඳව සැකයක් ඇති කර ගත යුතු නැහැ. එම විශ්‍රාම වැටුප් ගෙවීමත් අප අනුමත කර තිබෙනවා. බඩු මිල අඩු කිරීමට අපට හැකි වුණා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ජනාධිපති ධූරයේ විධායක බලතල අඩු කිරීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකාවේ නිදහස්  වාතාවරණයක් ඇති කළා. පැවැති දූෂිත තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයෙන් පසු අපට හැකි වුණා. මේ සියලූ දේවල් කළේ සුළුතර ආණ්ඩුවක් යටතේයි.
රටේ ආර්ථිකය දියුණු කොට සාමකාමී රටක් බිහි කිරීම සඳහා අපි බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් බලාපොරොත්තු වෙනවා. පංච මහා සංවර්ධන සැලැස්ම සහිත අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කොට තිබෙනවා. අපට ඔබේ ඡන්දය අවශ්‍ය වන්නේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කොට ඔබේ ජීවිත යහපත් කරවීම සඳහායි. අප නිකරුණේ පොරොන්දු දෙන්නේ නැහැ. රටේ වෙනසක් ඇති කළ යුතුයි. අධ්‍යාපනය දියුණු කළ යුතුයි. තරුණ තරුණියන්ට අනාගතයක් නිර්මාණය කළ යුතුයි. ජනතාවගේ ජීවන බර අඩු කළ යුතුයි.
අප ජීවන බර අඩු කිරීම පිළිබඳව කතා කරන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියන්නේ කුමක්ද? රාජ්‍ය සේවක අවම වැටුප රුපියල් 25,000 ක් කරන බව ඔහු පවසා තිබෙනවා. රාජ්‍ය සේවයේ නුපුහුණු කම්කරුවකුගේ මූලික වැටුප රුපියල් 11,730 ක් වනවා. එම සේවකයින්ට අප විශේෂ දීමනාවක් ලෙස රුපියල් ලබා දුන්නා. ඒ ලබා දුන් දීමනාවත් සමග සැප්තැම්බර් මාසයේ සිට රාජ්‍ය සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 21,730 ක් වනවා. රාජ්‍ය සේවකයෙකුට ජීවන වියදම සඳහා රුපියල් රුපියල් 7800 ක් ලබා දෙනවා. විශේෂ දීමනා ලෙස රුපියල් 2509 ක් ලබා දෙනවා. ඒ අනුව රාජ්‍ය සේවකයෙකුගේ සම්පූර්ණ අවම වැටුප අඩු කළ විට 31,185 ක් ලැබෙනවා. තමා බලයට පත් වුණොත් මෙම 31,185 ක අවම රුපියල් 32,039 ක් වනවා. එම වැටුපෙන් අග්‍රහාර සහ වැන්දඹු හා අනත්දරු දීමනා වැටුප රුපියල් 25,000 දක්වා අඩු කිරීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිවරණ වේදිකාවල කියනවා. ඔහු වරමක් ඉල්ලන්නේ රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් 6000 කින් අඩු කිරීමටයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එක් වී අප රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කළා. අගෝස්තු 17 වන දා මැතිවරණයෙන් පසුව අපි මේ රුපියල් 10,000 රජයේ සේවකයන්ගේ මූලික වැටුපට එකතු කරනවා.
පෞද්ගලික අංශයේ අවම වැටුපද රුපියල් 10,000 කරන ලෙස වෘත්තීය සමිති අපෙන් ඉල්ලීමක් කළා. එමෙන්ම රුපියල් 2500ක දීමනාවක් ද ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඇතැම් පෞද්ගලික සමාගම් මෙම දීමනාව  ගෙවන්නේ නැති නිසා එය අනිවාර්යෙන්ම ලබාදෙන ලෙසට නීති සම්මත කර ගැනීමට අප සූදානම් වුණා. 19 වන සංශෝධනය සම්මත වීමෙන් පසුව කිසිම නීතියක් සම්මත කර ගැනීමට උදව් නොකරන බව බහුතර මන්ත්‍රි ගණනක් සිටි විපක්‍ෂය පැවසුවා. ඔවුන්ට අවශ්‍ය ආණ්ඩුව පැරදවීමට බවත් නීති සම්මත කර ගැනීමට නොවන බවත් විපක්‍ෂයපැවසුවා.  ලබන සැප්තැම්බර් මාසයෙන් පසුව අලූත් ආණ්ඩුවක් යටතේ පෞද්ගලික අංශයේ ඉල්ලීම ඉටුකර දීමට  එහිදි මම වෘත්තීය සමිති නායකයන්ට පොරොන්දු වුණා.
යනාදී ලෙසද අදහස් පල කරන ලදී.

Related Projects